වස විසෙහි ඉතිහාසය
වස විසෙහි ඉතිහාසය ක්‍රි.පූ.4500 සිට වර්තමානය දක්වා විහිදෙන්නේය.මිනිස් වර්ගයාගේ පැවැත්මෙහි විවිධ අවධියන්හි වස විස නොයෙක් අභිප්‍රායන් සඳහා යොදාගත් අතර ආයුධ,මෙම විෂ වර්ග සර්ප විස සඳහා කරනු ලබන ප්‍රතිකාර වලට(anti-venoms) සහ ඖෂධ සඳහා සුලභ ලෙස යොදා ගන්නා ලදී.විද්‍යා ශාස්ත්‍ර අතරින් විෂ විද්‍යාව සහ තාක්ෂණය යන අංශ වල අභිවෘද්ධිය සඳහා විෂ වර්ග භාවිතා කිරීමට අවසර ලබා දී ඇත.
ආදි කාලීනව මෙම විෂ වර්ග සොයාගත් අතර, ප්‍රාග් ශිෂ්ටාචාරයන්හි පැරැන්නන් ගොදුරු අල්ලා ගැනීමේදී සහ සතුරන් විනාශ කිරීමේදී ඉක්මනින් සහ සුරක්ෂිතව එම කාර්යය ඉටු කර ගැනීම සඳහා දඩයම් ආයුධයක් ලෙස මේවා යොදා ගන්නා ලදී.වස විස භාවිතය ක්‍රමෙයන් වැඩිදියුණු වූ අතර බොහෝ පැරැන්නන් විෂ වර්ග ව්‍යාප්ත කිරීම සඳහාම වූ ආයුධ තැලීමට පටන් ගත්තෝය.